16 වන බෙනඩික්ට් හිටපු පාප් වහන්සේගේ ස්වර්ගස්ථවීම වෙනුවෙන් ශෝකය පළ කිරීමක් ලෙස සියලු රාජ්‍ය ආයතනවල අද (05) දිනයේ ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්දී තිබේ.
ඒ සම්බන්ධයෙන් සියලු රාජ්‍ය ආයතන දැනුවත් කරන්නැයි ද ජනාධිපතිවරයා විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබාදී ඇත.
16 වන බෙනඩික්ට් හිටපු පාප් වහන්සේගේ අවමංගල්‍ය අවසන් කටයුතු හෙට සිදුකිරීමට නියමිතය.