සමහර පක්ෂවලට සජිත් භීතිකාව ඇතිව තිබෙන බවත් එයට හේතුව සමගි ජන බලවේගයේ සංවර්ධන වැඩසටහන හරහා සමහර දේශපාලන පක්ෂවල පැටිකිරිය එළි දැක්වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (4) කොළඹදී පැවසීය.
බොරු කයිවාරුව පැත්තකට දමා පුළුවන් නම් විපක්ෂයේ සිට සජිත් ප්‍රේමදාස සමඟ ජනතාවට සේවය කිරීමට පැමිණෙන ලෙස කයිවාරු ගසන වීවීඅයිපී සමාජවාදීන්ට අභියෝග කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
තබුත්තේගම ජාතික පාසලට බස් රථයක් ලබා දුන් අවස්ථාවේ එම පාසලේ ආදි ශිෂ්‍යයකු වන පක්ෂ නායකයකුට රිදීම මෙම අපහාස සිදුකිරීමට හේතුවී ඇතැයිද 60 වන “සක්වල” වැඩසටහන යටතේ ලක්ෂ පනහක් වටිනා බස් රථයක් හෝමාගම මහ විද්‍යාලයට පරිත්‍යාග කරමින් ඔහු පැවසීය.