බිත්තර හිතුමතේ ආනයනය සිදුකළහොත් “ඒවියන් ඉන්ෆ්ලුවෙන්සා” (Avian influenza) නමැති වෛරස් රෝගී තත්ත්වය මෙරටට පැමිණීමේ දැඩි අවදානමක් පවතින බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම නිසා බිත්තර ආනයනයට ගත් තීරණය යළි සලකා බලන ලෙස එම සංගමය රජයෙන් ඉල්ලීමක් ද කරයි.
වෙළෙඳපොළේ බිත්තර මිල ගණන් ඉහළ යාමත් සමග බිත්තර ආනයනය කිරීමට රජය ඊයේ (02) තීරණය කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය සිසිර පියසිරි මහතා අද (03) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.
“සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් විශාල කාර්යභාරයක් කරලා, ඒවියන් ඉන්ෆ්ලුවෙන්සා කියන රෝගය ශ්‍රී ලංකාවට එන්න දෙන්නේ නැතිව ආරක්ෂා කරගෙන ඉන්නවා. පශු වෛද්‍යවරු, පශු විමර්ශන නිලධාරීන්, පසු පර්යේෂණ ආයතනය යන මේ සියලුදෙනා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එකතුවෙලා ඒවියන් ඉන්ෆ්ලුවෙන්සා රෝගය එන්න නොදී වළක්වා ගෙන ඉන්නවා. මේ රටට ඔය වගේ රෝගයක් ආවොත් ඉතාම ගැටලු සහගත තත්ත්වයට පත්වෙනවා.”
මේ අතර සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසන්නේ මෙම අවස්ථාවේදී බිත්තර ආනයනය කිසිසේත්ම සුදුසු නොවන බවය.