අධිවේගී බස්රථ ගාස්තු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (04) දිනයේ පැවැත්වීමට නියමිත බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, ජාතික ගමනාගමන කොමිසම සමග එම සාකච්ඡාව පැවැත්වෙන බවය.
එම සාකච්ඡාව උදෑසන 10ට පැවැත්වීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.