දිගු ගමනක් සඳහා අවශ්‍ය නව නීති ප්‍රතිසංස්කරණ 22 ක් පසුගිය මාස හය තුළ සම්මත කළ බවත් ජාතික සමගිය හා සංහිදියාව ගොඩ නැංවීම ජනතාව රැවටීමට නොව හදවතින්ම සිදු කළ යුතු බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.
එසේම පසුගිය කාලයේ අරාජික වු රට වත්මන් ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ශක්තිමත්ව ඉදිරියට යන බවත් අමාත්‍යවරයා පැවැසීය.
2023 නව වසර වෙනුවෙන් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමේ උත්සවය අමතමින් ඔහු මේ බව පැවැසීය.
මහජන බදු මුදලින් වැටුප් ලබන මහජන සේවකයින් ලෙස අපි සියලු දෙනා සේවය කළ යුතු වන්නේ මහජන සුභ සිද්ධිය සදහා වන අතර, ඒ සදහා 2023 නව වසරේ පවතින බාධාවන් අභියෝග හමුවේ වුව ද දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කළ යුතු බව අමාත්වරයා පැවසීය.
නීතියේ ආධිපත්‍යය ආරක්ෂා නොවන හා යුක්තිය ඉටුවීමේදී ප්‍රමාදයන් සිදු වන රටක් ලෙස අපේ රටට චෝදනා එල්ලව ඇති බවත්, එවැනි තත්වයක් පැවතීම ආයෝජකයින් පැමිණීමට බාධාවන් වන බවත්, එබැවින් එම චෝදනාවන්ගෙන් අත්මිදීම වෙනුවෙන් කටයුතු සිදු කරමින් පවතින බවත් අමාත්‍යවරයා පැවැසීය.
පසුගිය කාලය තුළ පැවති කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය ඇතුළු තත්වය හේතුවෙන් අධිකරණවල නඩු ලක්ෂ 11 ක් ගොඩ ගැසී පැවතීම මෙන්ම විසි හයදහසක් පුද්ගලයින් බන්ධනාගාර ගත කර සිටීම බරපතල තත්වයක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පසුගිය කාලය තුල උද්ගත වු ආර්ථික ආර්බුදය හේතුවෙන් අරාජික තත්වයට පත් වු රට භාර ගැනීමට පවා කිසිවෙකු ඉදිරිපත් නොවු අතර එවැනි වටපිටාවක් තුළ වත්මන් ගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ කිසියම් සහනදායී වටපිටාවක් නිර්මාණය වී රට යථා තත්වයට පත්වෙමින් ඇති බව ද අමාත්‍යතුමා පැවසීය.
නීති පද්ධතිය යාවත්කාලීන කිරීම සදහා නව නීති ප්‍රතිසංස්කරණ 22 ක් පමණ පසුගිය මාස හය තුළ සම්මත කර ඇති බවත්, නීති සකස් කිරීම සිදු කරනවා සේම එම නීති ක්‍රියාත්මක කිරීමට ආදාළ ආයතන කටයුතු කිරීම අත්‍යවශ්‍යම බවත්, රටේ මේ වන විට පවතින තත්වය පිළිබදව ගැඹුරින් සලකා බලා නීති පද්ධතිය උඩු යටිකුරු කිරීම සදහා දුෂණ විරෝධී පනත කඩිනමින් සම්මත කර ගන්නා බවත්, අධිකරණ අමාත්‍යතුමා සදහන් කළේය.
ජාතීන් අතර බිදවැටුණු සංහිදියාව ගොඩ නැංවීමේ කාර්යයේදී භාරදුර කාර්ය භාරයක් අධිකරණ අමාත්‍යාංශයට පැවරී ඇති බැවින් ජාතික සමගිය හා සංහිදියාව ගොඩ නැංවීම ජනතාව රැවටීමට නොව හදවතින්ම සිදු කරන අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනයට හා සත්‍ය සෙවීමේ කොමිෂම ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ද අමාත්වරයා වැඩිදුරටත් සදහන් කළේය.