මෙරට තානාපති කාර්යාලය මගින් සිය රටවල සිට ශ්රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට මහනුවර පැමිණියහොත් මහනුවර ඇති ත්රීරෝද රථ වල ගමන් නොකරන්නැයි දන්වා යවා ඇති බව වාර්තා වේ.
මහනුවර නාගරික කොමසාරිස්වරයා මේ පිළිබඳව සඳහන් කරමින් පවසන්නේ මහනුවර ත්රීරෝද රථ රියැදුරන්ගේ අනීතික කටයුතු හේතුවෙන් මෙම උපදෙස් නිකුත් කර ඇති බවයි.
බොහෝ රටවල සංචාරකයන් තුළ මහනුවර නගරය පිළිබඳව පවතින්නේ අයහපත් ප්රතිචාරයක් බව නාගරික කොමසාරිස්වරයා එහිදී වැඩිදුරටත් පවසා තිබේ.
ඒ මහතා මේ බව කියා සිටියේ මහනුවර පුස්තකාල ශ්රවණාගාරයේදී පැවති වැඩසටහනක් අමතමිනි.