Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විදුලි ගාස්තුව – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    March 22, 2023

    මත්ද්‍රවය ජාවාරම්කරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

    March 22, 2023

    මැතිවරණය කල් යෑමෙන් පීඩාවට පත්වූ රාජ්‍ය සේවකයින්ට සහනයක් දෙන්න – මෛත්‍රී ගෙන් ජනපතිට ලිපියක්

    March 22, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Business»ඩොලර්වලට අලෙවි කළ නිවාසවලින් ලැබූ ආදායම
    Business

    ඩොලර්වලට අලෙවි කළ නිවාසවලින් ලැබූ ආදායම

    By LFNDecember 30, 2022No Comments1 Min Read72 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මධ්‍යම පාන්තික නිවාස ඩොලර්වලට අලෙවි කිරීමේ වැඩපිළිවෙල යටතේ මේ වනවිට අමෙරිකානු ඩොලර් ලක්ෂ 5කට වැඩි ආදායමක් උපයාගෙන ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

    මේ වසරේ ඩොලර්වලින් නිවාස අලෙවි කොට ලබාගැනීමට අපේක්ෂා කළ ආදායම ඩොලර් ලක්ෂ 05ක් වන අතර වසර අවසන් වීමටත් පෙර එම ඉලක්කය ඉක්මවා යාමට හැකිවු බව එම අධිකාරිය සඳහන් කළේය.

    මෙරට ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකර ඇති මධ්‍යම පාන්තික නිවාස, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට හා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට අලෙවි කිරීමට පියවර ගත් අතර ඊට අදාළ පළමු නිවාස පසුගිය සැප්තැම්බර් මාසයේදී අලෙවි වුණි.

    ඒ අනුව මේ වනවිට නිවාස 11ක් ඩොලර්වලට අලෙවි වී ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පැවසීය.

    ඩුබායි, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, ඕමාන් කටාර් රාජ්‍යය හා ෆීජී දූපත්වල ජීවත්වන ශ්‍රී ලාංකිකයන් එම නිවාස මිලදීගෙන තිබේ.

    එමෙන්ම තවත් නිවාස 8ක් මිලදී ගැනීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ඉල්ලීම්කර ඇති අතර එම ක්‍රියාවලිය මගින් ලබන වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 1.5ක අදායමක් උපයා ගැනීමට සැලසුම් සකස් කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අමෙරිකානු ඩොලරයට අද ලැබුණු අගය

    March 20, 2023

    2022දී ශ්‍රී ලංකා ආර්ථිකය කඩාවැටුණේ මෙහෙමයි

    March 16, 2023

    රන් මිලේ නොසිතූ වෙනසක්

    March 13, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023414 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023398 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    විදුලි ගාස්තුව – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    March 22, 2023076 Views

    විදුලි ගාස්තු වැඩිකිරීමට එරෙහිව ගොනුකළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ගත් තීරණය බලරහිත…

    මත්ද්‍රවය ජාවාරම්කරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

    March 22, 2023

    මැතිවරණය කල් යෑමෙන් පීඩාවට පත්වූ රාජ්‍ය සේවකයින්ට සහනයක් දෙන්න – මෛත්‍රී ගෙන් ජනපතිට ලිපියක්

    March 22, 2023

    වැඩි මිලට බිත්තර වික්කාට ලක්ෂ 9ක් දඩ

    March 22, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.