විදුලි බිල ඉහළ දැමීම සිදුනොකරන්නේ නම් ඒ වෙනුවෙන් පැය කිහිපයක විදුලි කප්පාදුවකට ජන ජීවිතය හුරුකර ගැනීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
මෙරටින් ඇණවුම් කර ඇති ගල්අඟුරු තොග රැගත් නෞකා 3ක් ලබන මාසයේ දී මෙරටට ළඟා වීමට නියමිත බව ඒ මහතා පවසයි .ඒ අනුව ජනවාරි මස 5, 9 සහ 16 වන දිනවල ගල්අඟුරු රැගත් නෞකා 3ක් මෙරටට ළඟා වන බව අමාත්‍යවරයා පැවසීය.