වසර දෙකකට අධික කාලයක සිට තම පියාගෙන් සිදු වන අතවර ඉවසා ගත නොහැකි වූ වයස අවුරුදු 12ක බාලවයස්කාර දැරියක් කිලෝමීටර 12ක දුරක් ගෙවා තනිව ගල්නෑව පොලිසිය සොයා පැමිණ ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කළ බවත්, ඉන් අනතුරුව ප්‍රදේශයෙන් පළා යමින් සිටි සැකකාර පියා අත්අඩංගුවට ගත් බවත් ගල්නෑව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගම්පොළ ප්‍රදේශයේ පදිංචිව සිට මීට මාස තුනකට පමණ පෙර ගල්නෑව ප්‍රදේශයට තාවකාලිකව පදිංචියට පැමිණි සිටි 35 හැවිරිදි හිටපු යුධ හමුදා සෙබළකු බව පොලීසිය කියයි.
සිද්ධියට මුහුණ පෑ දැරිය පස්වන ශ්‍රේණියේ දී වැඩි වියට පත්ව ඇති බවත්, එතැන් සිට වයස අවුරුදු 10 (2019) සිට මේ දක්වා පියා විසින් අවස්ථා ගණනාවක දී තමන්ව අතවරයට ලක් කළ බව දැරිය සිදු කළ ප්‍රකාශ වල සටහන්ව ඇතැයි පොලිසිය කියයි.
මීට දින පහකට පමණ පෙර දැරියගේ මව කුලියට තේ දලු නෙළීම සඳහා ගම්පොල ප්‍රදේශයට ගිය අවස්ථාවේදීද සැකකාර පියා විසින් දැරිය අවස්ථා කීපයකදී දැරිය අතවරයට ලක් කර ඇති අතර මෙලෙස පියාගෙන් දිගින් දිගටම සිදු වන අතවරයන් ඉවසා ගත නොහැකි වීම හේතුවෙන් එම දැරිය ඊයේ (26දා) ගල්නෑව පොලිසියට පැමිණ සියල්ල ප්‍රකාශ කළ බව පොලිස් ප්‍රකාශකයකු පැවසීය.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව පොලිස් කණ්ඩායමක් එම නිවස කරා වහා පිටත්ව යන විටත් සැකකාර පියා ප්‍රදේශය අතහැර පලා යමින් පලා යමින් සිට ඇති අතර, පසුව පොලිස් උපායදූතියක් මාර්ගයෙන් දැඩි පරිශ්‍රමයක් යොදා ඉපලෝගම පොලිස් වසමේ සඳුන්ගම දී සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු අතර සිද්ධියට මුහුණ පෑ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .