Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් ගාස්තුවත් වෙනස් වෙයි

    March 29, 2023

    ඉන්ධන මිල සංශෝධනය කෙරේ

    March 29, 2023

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Sport»මිකී ආතර් පාකිස්ථානයට යන ලකුණු
    Sport

    මිකී ආතර් පාකිස්ථානයට යන ලකුණු

    By 24x7December 28, 2022No Comments2 Mins Read155 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුනුකරු මිකී ආතර් , පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කිරිමේ සූදානමක් ඇති බව වාර්තා වේ.

    කණ්ඩායමේ වත්මන් පූහුණුකරු සක්ලේන් මුෂ්ඨාක්ගේ ධුර කාළය ඒළඹෙන වර්ෂයේ මුලදී අවසන් වීම නිසා මිකී ආතර් මෙලෙස කණ්ඩායමට කැඳවීමට වැඩි ඉඩක් ඇති බව විදෙස් මාධ්‍ය අවධාරණය කරයි.

    දකුණු අප්‍රිකානු ජාතික මිකී ආතර් මීට පෙර 2016 වර්ෂයේදී සිට 2019 දක්වා පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කර ඇත.

    කෙසේ වෙතත් ඔහුව නැවත කණ්ඩායමට රැගෙන ඒමට පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති නජාම් සේතිද උත්සාහ කරන බව වාර්තා වේ.

    මිකී ආතර්ගේ පුහුණුකාරීත්වය යටතේ පාකිස්ථානය 2017 වර්ෂයේ චැම්පියන්ස් ලීග් ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට සමත්වූහ. එමෙන්ම විස්සයි විස්ස ලොව අංක ඒකේ කණ්ඩායම ලෙසින්ද ඔවුන් එහිදී පිදුම් ලැබීය.

    පාකිස්ථානු කණ්ඩායමෙන් ඉවත්වීමෙන් පසු මීකී ආතර් කළක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේද ප්‍රධාන පුහුනුකරු ලෙසින් ක්‍රියා කළ අතර අනතුරුව ඔහු මෙවර එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල ඔ්රා කණ්ඩායමේද ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කලේය.

    කෙසේ වෙතත් ඔහුගේ කණ්ඩායම මෙවර තරගාවලියේ මූලික වටයේ ප්‍රසාද ලකුනු සටහනේ අවසන් ස්ථානය හිමිකර ගැණීම නිසා අවසන් පූර්ව වටයට පිවිසීමට අපොහොසත්විය.

    මේ අතර පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති හා ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයෙකු වූ රමීස් රාජා චෝදනා කරන්නේ පාකිස්ථාන ක්‍රික්ට් ආයතනය අත්තනෝමතික ලෙස එහි නිළධාරීන් ඉවත් කිරීමට ක්‍රියා කරන බවයි.

    සිය සභාපති ධුරය අහිමිවීමෙන් පසු පළමුවරට මාධ්‍යයට අදහස් දක්වමින් රමීස් මේ බව පවසා ඇත. ඔහු මෙහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ තරග සංචාරයක් මැදදී මෙවැනි ක්‍රියාමාර්ග ගැනීම පාකිස්ථාන ක්‍රිකට් ආයතනය හිටපු ක්‍රිඩකයින්ට කරන අගෞරවයක් බවයි. එමෙන්ම එහි වත්මන් සභාපති නජාම් සේති ක්‍රිකට් පිළිබඳ දැනුමක් නැති, ක්‍රිකට් ක්‍රීඩා නොකළ අයෙකු ලෙසින්ද ඔහු මෙහිදී හඳුන්වා දී ඇත.

    පසුගය සතියේදී පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධානී ධුරයෙන් රමීස් රාජාව ඉවත් කෙරුණි. ඊට ආසන්නම හේතුව වූයේ පාකිස්ථානය ටෙස්ට් පිටියේදී දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශයයි. ඔවුන් 2022 වර්ෂයේදී ටෙස්ට් තරග 8 කට සහභාගි වී ඉන් ජයගෙන තිබුනේ ඒක් තරගයක් පමණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    24x7
    • Website

    Related Posts

    කාසියේ වාසිය සිංහයින්ට

    March 25, 2023

    2023 ක්‍රිකට් ලෝක කුසලානය ගැන අලුත්ම ආරංචියක්

    March 23, 2023

    දිමුත් කරුණාරත්න නායකත්වය ගැන තීරණයක් ගනී

    March 20, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023420 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023399 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    බස් ගාස්තුවත් වෙනස් වෙයි

    March 29, 2023097 Views

    ඉන්ධන මිල සංශෝධනයත් සමග හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා…

    ඉන්ධන මිල සංශෝධනය කෙරේ

    March 29, 2023

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023

    චෝදනා පත්‍රයට පිළිතුරු යැවූ බව ජනක කියයි

    March 29, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.