අන්තර්ජාතික ක්‍රිකට් තරගවල වසරකදී, වැඩිම ලකුනු 50 ට ඉහළ ඉනිම් ප්‍රමාණයක් වාර්තා කළ ක්‍රිඩකයින් අතර සම පෙරමුණ ගැනීමට පාකිස්ථානයේ බාබර් අසාම් සමත්විය. ඒ ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර සමගින් වීම විශේෂත්වයකි.
නවසීලන්තය සමගින් කරච්චි හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී නොදැවී ලකුනු 161 ක් ලබා ගැනීමට සමත්වීමත් සමගින් බාබර් මෙම වාර්තාව පිහිටුවීමට සමත්විය.
සංගක්කාර ඉනිම් 56 කදී මෙම වාර්තාව පිහිටුවන විට බාබර් ඒ සඳහා වැය කර ඇත්තේ ඉනිම් 56 කි. කෙසේ වෙතත් මෙම තරගයේදී දෙවැනි ඉනිමේදී බාබර් අර්ධ ශතකයක් රැස් කළහොත්, සංගාගේ වාර්තාව බිඳ දැමීමට ඔහුට හැකියාවක් ඇත.
මේ සමගින් ඔහු මේ වසරේ (2022) වැඩිම ටෙස්ට් ලකුණු ලාබීන් අතර එංගලන්තයේ ජෝ රූට් අබිබවමින් පෙරමුණට පත්වීමට සමත්වී ඇත්තේ ඉනිම් 16 කදී ලකුනු 1170 ක් ලබා ගනිමිනි. කෙසේ වෙතත් ඔහු තවමත් නොදැවුණු ක්‍රීඩකයෙකු නිමා මෙම ලකුණු තවදුරටත් වැඩි විය හැක. බාබර්ගේ ඉනිමක ලකුනු සාමාන්‍යය දැක්වෙන්නේ 78 ක් ලෙසිනි.
මෙහි දෙවැනි ස්ථානයේ සිටින්නේ ඉනිම් 27 කදී ලකුනු 1098 ක් ලබාගත් එංගලන්තයේ ජෝ රූට්ය. තෙවැනි ස්ථානයේ රැඳී සිටින උස්මාන් කවාජා ඉනිම් 20 කදී ලකුනු 1080 ක් රැස් කරගෙන ඇත.
එංගලන්තයේ ජොනී බෙයාර්ස්ටෝ මෙහි තෙවැනි ස්ථානයේ පසුවන්නේ ඉනිම් 19 කදී ලකුනු 1061 ක් වාර්තා කරමිනි.
ටෙස්ට් පිටියේ මෙම වර්ෂයේදී ලකුනු දහස ඉක්මවූ ක්‍රීඩකයින් අතර මෙම ක්‍රීඩකයින් සිව්දෙනා පමණක් රැඳී සිටීම විශේෂත්වයකි.
බාබර් මෙහීදී පාකිස්ථානයේ වසර 16 ක් පැරණි වාර්තාවක්ද බිඳ හෙලීමට සමත්විය. ඒ් වසරක් තුළ අන්තර්ජාතික ක්‍රිකට් තරග වල වැඩිම ලකුනු සංඛ්‍යාවක් රැස් කිරීමේ වාර්තාවයි. මෙය මීට පෙර 2006 වර්ෂයේදී මොහොමඩ් යූසුෆ් විසින් පිහිටුවා තිබුනේ තරග 33 කදී ලකුනු 2435 ක් රැස් කරමිනි.
මෙම වාර්තාව පිහිටුවා ඇත්තේ පාකිස්ථානය මෙම වර්ෂයේදී ටෙස්ට් පිටියේදී ඉතා දුර්වල ක්‍රීඩා රටාවක් පෙන්නුම් කරද්දී වීම විශේෂත්වයකි.
ඔවුන් මේ දක්වා තරග 8 කට සහභාගී වී ඉන් ජයගෙන ඇත්තේ ඒක් තරගයක් පමණක් වන අතර තරග 5 ක් පරාජයට පත්වී ඇත. තරග 2 ක් ජයපැරදුමින් තොරව නිමාවට පත්වී ඇත.