පොලිස් ස්ථානාධිපතිවරුන් 260 කු සඳහා ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි
එකී පිරිස අතර පොලිස් පරීක්ෂකවරුන් 50 කු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 210 කු වේ.
මෙම ස්ථානමාරුවීම් සිදුකිරීම අතර ස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කළ ඇතැම් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සහ පොලිස් පරීක්ෂකවරුන් සාමාන්‍ය රාජකාරි සඳහා යොදවා ඇත.
2020-11-30 දිනැති අංක 2202/04 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සිදුකරන ලද බලතල පැවරීම ප්‍රකාරව පොලිස් ස්ථානාධිපති ධුරයන් හි පත්කිරීම් පත් කිරීම් හා ස්ථාන මාරු කිරීම් සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විසින් නියෝග කර ඇත.