අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල ප්‍රදේශයේ ගෙයක් මතට පස්කන්දක් සමග ගලක් කඩා වැටිමෙන් දෙදෙනෙකුට දිවි අහිමිවී ඇත. අද (25) උදෑසන ප්‍රදේශයට පැවති අයහපත් කාළගුණයත් සමගින් මෙම අනතුර සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.
පොලිසිය, ප්‍රදේශවාසීන් හා එක්ව පස්කන්දට යටවී සිටි ළමුන් තිදෙසා සොයා මෙහෙයුමක් දියත් කළ ඇති අතර මව, පියා, දැරියන් දෙදෙනෙකු හා පිරිමි දරුවෙකු ආපදා තත්වයෙන් මුදවාගෙන ජම්බුගස්පිටිය රෝහල වෙත ඇතුලත් කර ඇත. එම ඇතුලත් කිරීමේදී දැරියක් හා පිරිමි දරුවා මියගොස් ඇත. තුවාල ලබාසිටි දැරියක් වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් පේරාදෙණිය රෝහල වෙත මාරුකර යවා ඇත.
මියගිය දැරිය වයස අවුරුදු 18 ක් වන අතර මියගිය දරුවා වයස අවුරුද 16 ක් වේ. මෙම දෙදෙනාම දුනුවිල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. අලවතුගොඩ පොලිසිය වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබයි.