Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Local News»කොළඹ හා යාපනය එල්.‍පි.එල්. අවසන් සටනට
    Local News

    කොළඹ හා යාපනය එල්.‍පි.එල්. අවසන් සටනට

    By 24x7December 23, 2022No Comments2 Mins Read166 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ අවසන්මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සමත්විය.

    ඒ තරගාවලියේ තෙවැනි අවසන්පූර්ව තරගයෙන් කැන්ඩි ෆැල්කන්ස් පරදා කඩුළු 6 ක ජයක් හිමි කර ගනිමිනි. මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණී.

    තරගයේ කාසියේ වාසිය දිනා ගත් කලම්බු ස්ටාර්ස් නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුවෙන් පන්දුරැකීමට තීරණය කලේය. ඒ් අනුව කැන්ඩි සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 6 ක් දැවී ලකුනු 168 ක් රැස් කළහ.

    ඉනිමේ අවසන්භාගයේදී කැන්ඩි කණ්ඩායමේ ලකුණු පුවරුව වේගවත් කළ නායක වනිඳු හසරංග ලකුණු 77 ක් රැස් කලේ පන්දු 34 කට පමණක් මුහුණ දෙමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 8 ක් හා හයේ පහර 3 ක් ඇතුලත්විය.

    ඔහුට අගනා සහයක් ලබාදුන් අශේන් බණ්ඩාර ලකුණු 40 ක් රැස් කලේය. පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුළු 4 ක් බිඳ හෙලීය.‍

    ලකුනු 169 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කලම්බු ක්‍රීඩකයින් පන්දුවාර 18.5 කදී කඩුළු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යාමට සමත්විය.

    වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 40 කදී ලකුනු 64 ක් රැස් කිරීමට සමත්විය. එමෙන්ම රවී බොපාරා පන්දු 16 කදී ලකුනු 29 ක් රැස් කලේය. තරගයේ වීරයා සම්මානය හිමිවුයේ පන්දුවෙන් දස්කම් දැක්වූ කසුන් රාජිතටයි. මේ අනුව තරගාවලියේ මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහන පෙරමුණ ගෙන නිමා කළ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට තරගාවලියේ අවසන්පූර්ව වටයෙන් ඉවත්වීමට සිවිය. ඔවුන් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන්ද ජැෆ්නා කිංග්ස් හමුවේ පරාජයට පත්විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    24x7
    • Website

    Related Posts

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023418 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023399 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023087 Views

    ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ නිවස ඉදිරිපිට අද (24) පෙරවරුවේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. ඒ,…

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023

    පාරිභෝගිකයින්ට සතොසෙන් සහනයක්

    March 24, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.