නොමිලේ සහල් දීම වෙනුවට ඉදිරි මහ කන්නයේ සහ පහුගිය කන්නයේ දැනට ගොවීන් ලග පවතින වී අස්වනු වී අළෙවි මණ්ඩලය හරහා මිළදි ගැනීමට අවශ්‍ය මූල්‍ය සහය ලබා දෙන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පසුගියදා චින රජයෙන් ඉල්ලා සිටියාය.
එමගින් ගොවීන්ගේ වී අස්වනු සදහා සාධාරණ මිළක් ලැබෙන අතර එම වී සහල් කිරිමේදි පාරිභෝගික ජනතාවට ද සාධාරණ මිළක් යටතේ සහල් මිළදි ගැනීමට හැකියාව ලැබෙනු ඇති.
ඊට අමතරව වී මිළදි ගැනීම සදහා වී අළෙවි මණ්ඩලයට මුදල් ප්‍රතිපාදන රජය මගින් වෙන් කිරිමට ඇති අපහසුතාවය ද මෙමගින් පහව යන බව ද ආණ්ඩුකාරවරිය කියා සිටියාය.
චීනයේ යුන්හාන් පළාතේ ජනතා සංගමයේ සහයෝගයෙන් නැගෙනහිර පළාතේ පාසල් සදහා සූරිය වීදී ලාම්පු පරිත්‍යාග කිරිම පිළිබදව විශේෂ ස්තූතියක් පළ කර සිටි ආණ්ඩුකාරවරිය කෘෂිකර්මාන්තයේ දියුණුව සදහා වන ඉහත යෝජනතාවට සහය ලබා දෙන ලෙස ද ඉල්ලා සිටියාය.
ඒ අනුව ඉදිරි මහ කන්නයේ අපේක්ෂිත වී අස්වැන්න මෙට්‍රක් ටොන් 609,000 ක් බව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. එම කාලය වන විට වත් වී අලෙවි මණ්ඩලය හරහා ගොවීන්ගේ මෙම වී අස්වනු මිළදි ගැනීමට කටයුතු කලහොත් එය ගොවි ජනතාවට වඩාත් සහයක් වනු ඇති බව ද ආණ්ඩුකාරවරියගේ මතය වී තිබේ
මේ අතර පළාතේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සදහා සහය ලබා දෙන ලෙස ද ඇය චීන දූත පිරිස හමුවේ වැඩි දුරටත් ඉල්ලා සිටියාය.