පොලිස් නිලධාරීන් 9,417ක් ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව පොලිස් නිලධාරීන් 8,312ක් සහ නිලධාරිනියන් 1,105ක් ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කිරීමට නියමිතය.
මේ වනවිට පොලිස් කොස්තාපල් (PC) තනතුරේ සිට පොලිස් පරීක්ෂක (IP) දක්වා වන තනතුරුවල සේවයේ නිරතව සිටින පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් පිරිසක් මෙලෙස ඔවුන්ගේ ඊළඟ නිලය දක්වා උසස්කිරීම් සිදුකිරීමට නියමිතය..