උතුරු කොරියාව විසින් බැලැස්ටික් මිසයිල දියත් කිරීමක් සිදුකර තිබේ.
දකුණු කොරියාව පවසන්නේ බැලැස්ටික් මිසයිල දෙකක් මෙලෙස උතුරු කොරියාව විසින් දියත් කර ඇති අතර ඒවා නැගෙනහිර මුහුදට පතිත වි ඇති බවය.
අදාළ මිසයිල කිලෝමීටර් 500ක් පමණ දුරක් ගමන් කර ඇති බවට ජපාන ආරක්ෂක අමාත්‍යාංශය ද තහවුරු කර තිබේ.
උතුරු කොරියාවේ මෙම ක්‍රියාකලාපය සිය රටේ මෙන්ම කලාපීය ආරක්ෂාවට ද තර්ජනයක් බව ජපාන ආරක්ෂක බලධාරීන් පෙන්වාදෙයි.