Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Featured»ජනවරමක් නැති ආණ්ඩුවක ඇමතිකම් ගන්නේ නෑ
    Featured

    ජනවරමක් නැති ආණ්ඩුවක ඇමතිකම් ගන්නේ නෑ

    By LFNDecember 19, 2022No Comments1 Min Read86 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනවරමක් නැති ආණ්ඩුවක කැබිනට් ඇමතිකමක් ලබාගැනීමේ බලාපොරොත්තුවක් තමාට නැතැයි 43වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

    තමන් බාල දේශපාලනය කරන්නේ නැතැයි කී මන්ත්‍රීවරයා මෙම ආණ්ඩුව යටතේ ඇමතිකම් ගැනීමේ හෝ රාජ්‍ය බලයට සම්බන්ධවීමේ සූදානමක් නැතැයි ද කීවේය.

    ශ්‍රී ලංකා දේශපාලනයට අවශ්‍ය පුළුල් බලගතු නව දේශපාලන සම්ප්‍රදාය ගොඩනගා ගැනීම වෙනුවෙන් තමන් කැප වන බව කී රණවක මහතා මේ අවස්ථාවේ රටට අවශ්‍ය තරුණ පරම්පරාව මුල් කරගත් නව දේශපාලන බලවේගයක් බව ද කීවේය.

    ඔහු මේ බව පැවසුවේ මහනුවර දී ඊයේ (18) පැවති හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

    විවිධ කණ්ඩායම් සන්ධානගත වීම හොඳ දෙයක් වන නමුත් මේ අවස්ථාවේ රටට අවශ්‍ය විකල්පයක් බව කී මන්ත්‍රීවරයා අරගලයෙන් සහ රට අද මුහුණ පා ඇති බංකොලොත්භාවයෙන් පෙන්වා ඇත්තේ රටේ දේශපාලන වශයෙන් වෙනසක් ඇති කිරීමට තරුණ පරම්පරාව මුල් කරගත්ත දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍ය බව යැයි ද සඳහන් කළේය.

    පොලිස් රාජ්‍යය හා මර්දනය නවත්වා ඕනම අයකුට ඉදිරිපත් විය හැකි පරිදි පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ පවත්වන්නැයි තමන් රජයෙන් ඉල්ලා සිටින බව ද පාඨලී චම්පික මහතා පැවසීය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡාවල සාර්ථක අසාර්ථකභාවය තාමත් පැහැදිලි නොමැති බැවින් එය ලැබුණත් නැතත් රට ඉදිරියට ගෙනයෑමේ වැඩපිළිවෙළක් සකස් කරගත යුතු බව ද හෙතෙම කීවේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023418 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023399 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023087 Views

    ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ නිවස ඉදිරිපිට අද (24) පෙරවරුවේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. ඒ,…

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023

    පාරිභෝගිකයින්ට සතොසෙන් සහනයක්

    March 24, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.