නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාරත්මේන්තුව පවසයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයෙදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක් තද වැසි ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.