Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ආර්ථික අර්බුදය ගැන විගණකාධිපති වාර්තාව ලැබෙයි

    March 23, 2023

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි

    March 23, 2023

    විදුලි ගාස්තුව – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    March 22, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Featured»පිරිපුන් සංවිධානය රට ගොඩනගන සැලැස්ම එළිදක්වයි
    Featured

    පිරිපුන් සංවිධානය රට ගොඩනගන සැලැස්ම එළිදක්වයි

    By LFNDecember 18, 2022No Comments2 Mins Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රට ගොඩනැගීම සඳහා තම සංවිධානය තුළ විධිමත් සැලැස්මක් ඇති බව පිරිපුන් දේශයක් සංවිධානය පවයි.

    පසුගිය සිය ජාතික වැඩසටහන ජනගත කරමින් එම සංවිධානය පෙන්වා දුන්නේ, වසරක් තුළ රටේ සිදුවන සොරකම් නතර කිරීමට සැලසුමක් ඇති බවය.

    ශ්‍රී ලංකාව දිනෙන් දින ආර්ථික වශයෙන් පරිහානියට පත්වෙමින් පවතින බව හඳුනාගත් ” පිරිපුන් දේශයක් ” සංවිධානය 2020 වසරේ සිට රටට උපායමාර්ගික සැළසුමක අවශ්‍යතාව පිළිබඳව කතිකාවතක් ආරම්භ කළේය.

    එය ස්වේච්ඡාවෙන් එක්වූ විද්වතුන් පිරිසකගෙන් සමන්විතය.

    ගොඩනගන ලද සැලසුම් එකතු කරමින්, ජාතික උපායමාර්ගික සැලසුමක ආකෘතිය ජනගත කිරීමේ ජාතික වැඩසටහනක් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විය.

    එහිදී අදහස් දැක්වූ පිරිපුන් දේශයක් සංවිධානයේ සභාපති ඉංජිනේරු ආනන්ද දේව සිංහ මහතා,

    “මේ රට ගොඩගන්න පුලුවන් තාමත් රට ගොඩ ගත් හැකි පිරිසක් ඉන්නවා. ගොඩ ගන්න විදිය අපි කියනවා. සියලු දේශපාලන පක්ෂ වලට අපි ආරාධනා කළේ ඇවිල්ලා මේක ඉගෙනගෙන අපි එක්ක ගමනක් යමු කියලා. ලංකාවය අවශ්‍යයි උපාය මාර්ගික සැලැස්මක්, දෙවැනි එක නායකත්වයක් අවශ්‍යයි, තුන්වැනි එක තමයි නායකයා. නායකයෝ සොයන්න ඕන නැහැ. බිහිවෙයි. නායකයා කියන්නේ තුන්වැනි කරුණ. මේක හදන්නේ නැතුව කවුරුහරි බලයට එන්න හදනවානම්, හබලක් නැති ඔරු පදවන්නෙක් සහ ඔහු අතර වෙනසක් නැහැ. හොඳ අවංක නායකයෙක් ගේන්න ඕන. අවංකකමත් අවශ්‍යයි පිරිසිදුකමත් අවශ්‍යයි. හැබැයි නායකත්ව ගුණාංග දන්නේ නැත්නම් කළමනාකරණ ක්‍රමවේදය දන්නේ නැතිනම් එයාට රටක් පාලනය කරන්න බැහැ. සෑම අමාත්‍යංශයකම දායකත්වය ඕන. ඒ තුළ රට ඉදිරියට යනවා. අපි හොරු ගැන කතා කරන්නේ නෑ. හොරුන්ට යන්න බැරිවෙන්න ක්‍රමවේදය හදනවා. උදාහරණයක් QR කේතය. අවුරුද්දක් තුළ හොර වංචා නතර කරන්නම්. 2025න් පටන් ගන්න නම් 2023 අධ්‍යාපනය හදන්න. 2023 2024 කියන්නේ හෝම් වර්ක්. එක ඉවරවෙලා හරියටම 2025න් පටන් ගන්න 2040 දී අපි අරමුණට යනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ආර්ථික අර්බුදය ගැන විගණකාධිපති වාර්තාව ලැබෙයි

    March 23, 2023

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි

    March 23, 2023

    විදුලි ගාස්තුව – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    March 22, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023414 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023398 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    ආර්ථික අර්බුදය ගැන විගණකාධිපති වාර්තාව ලැබෙයි

    March 23, 2023059 Views

    ආර්ථික අර්බුදය මතුවූ අවස්ථාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම පමා කිරීම ඇතුළු කාරණා කිහිපයක්…

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි

    March 23, 2023

    විදුලි ගාස්තුව – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    March 22, 2023

    මත්ද්‍රවය ජාවාරම්කරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

    March 22, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.