රජයේ සුබසාධන ප්රතිලාභ සඳහා පුද්ගලයන් ලක්ෂ 37 කට අධික සංඛ්‍යාවකින් අයදුම්පත් ලැබී ඇති බව සුබසාධන ප්රතිලාභ මණ්ඩලය පවසයි.
සමස්ත ශ්‍රී ලංකාව ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පසුගිය අගෝස්තු මස රජයේ ආධාර ලැබීමට සුදුසු පුද්ගලයන් සහ පවුල් හදුනාගැනීම සඳහා තොරතුරු ලබාගත් බවත් ඒ අනුව දැනට රජයේ ආධාර ලබන පුද්ගලයන් ද ඇතුළත්ව මෙම ලක්ෂ 37 ක සංඛ්‍යාව අයදුම්කර ඇති බවත් සුබසාධන ප්රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.
මෙම තොරතුරු රැස්කිරීමේ දෙවැනි අදියර යටතේ ක්ෂේත්‍ර නිලධාරීන් මෙම මස ආධාර අයදුම්කරු ළගට ගොස් දුරකථන යෙදවුමක් හරහා තොරතුරු රැස්කිරීමට නියමිත බවත් එම තොරතුරු ඒකාබද්ධ සුබසාධන ප්රතිලාභ තොරතුරු පද්ධතියට ඇතුළත් කිරීමට නියමිත බවත් එම මණ්ඩලය වැඩි දුරටත් කියයි.