කොළඹ කොල්ලුපිටිය ප්රදේශයේ දී ඉකුත් 10දා රාත්රී මාරක රිය අනතුරක් සිදු කර ඩුබායි වෙත පළා ගිය කෝටිපති ව්යාපාරික එම්.බී.එන්.රිසාක් නැමැති 26 හැවිරිදි තරුණයා යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිටියදී ඊයේ (12දා) රාත්රී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම තරුණයා ඊයේ රාත්රී 09.50 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. එම අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ රාජකාරී වල නිරත වී සිටි ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොහු හදුනාගෙන අත් අඩංගුවට ගෙන තිබුණි.
ඉන්පසුව මෙම තරුණයා කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත භාර දී තිබුණි. කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ දැනුවත් කිරීම මත කොළඹ කොල්ලුපිටිය පොලීසියේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත පැමිණ මේ වනවිට මෙම තරුණයා කොල්ලුපිටිය පොලීසිය වෙත රැගෙන ගොස් තිබේ .