එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබාගැනීම සඳහා නීතිපති උපදෙස් මත කඩිනමින් නඩු පැවරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබේ.
ඊයේ (12) රැස්වූ අමාත්‍ය මණ්ඩලයේදී එම උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.
පසුගිය වසරේ මැයි මාසයේදී කොළඹ වරාය ආසන්නයේදී ගිනිගැනීමට ලක්ව විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මගින් මෙරට සමුද්‍රීය පරිසරයට විශාල හානියක් සිදුවූ අතර එය මෙතෙක් ලොව සිදුවූ විනාශකාරීම නෞකා අනතුර ලෙස සැලකේ.
කෙසේවෙතත් අදාළ අනතුරින් සිදුවූ පරිසර හානියට වන්දි ලබාගැනීම සම්බන්ධයෙන් නඩු පැවරීමක් මෙතෙක් සිදුකර නොමැති බව සඳහන්ය.
ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී ඒ පිළිබඳව වැඩි අවදානයක් යොමුව ඇති අතර කඩිනමින් අදළ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගෙන නෞකා සමාගමට එරෙහිව නඩු පවරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.