පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන්සේවා කටයුතු වසර ගණනාවකට පසුව අද (12) නැවත ආරම්භ කෙරිණ.
ඒ අනුව ඉන්දියාවේ, චෙන්නායි සිට පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා මගී ගුවන් යානයක් අද (12) උදැසන පැමිණියේය.
පැවති කොරෝනා වසංගත තත්ත්වය හා පලාලි ගුවන්තොටුපොළ සංවර්ධන කටයුතු හේතුවෙන් පසුගිය සමයේ පලාලි සිට ඉන්දියාව දක්වා ගුවන් ගමන් නවතා තිබිණ.
රුපියල් මිලියන 2,250ක වියදමකින් පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධනය කළේය.
නව ගුවන් ගමන් සේවා ආරම්භයත් සමඟ ඉන්දියාවේ සිට පලාලි දක්වා සතියේ සෑම සඳුදා, අඟහරුවාදා හා සෙනසුරාදා දිනයකම ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සුදානම් කොට ඇති බව ගුවන්තොටුපොළ භාර නිලධාරීහු පැවසූහ.