Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විදුලි ගාස්තුව – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    March 22, 2023

    මත්ද්‍රවය ජාවාරම්කරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

    March 22, 2023

    මැතිවරණය කල් යෑමෙන් පීඩාවට පත්වූ රාජ්‍ය සේවකයින්ට සහනයක් දෙන්න – මෛත්‍රී ගෙන් ජනපතිට ලිපියක්

    March 22, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Featured»‘ගෝඨා ගෝ ගම’ ට පහරදුන් සිද්ධියට මහින්ද ඇතුළු පිරිසකට නියෝගයක්
    Featured

    ‘ගෝඨා ගෝ ගම’ ට පහරදුන් සිද්ධියට මහින්ද ඇතුළු පිරිසකට නියෝගයක්

    By LFNDecember 9, 2022No Comments2 Mins Read68 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගාලු මුවදොර පැවැති “ගෝඨා ගෝ ගම” අරගල භූමියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ පෙත්සම් 05ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී තිබේ.

    ඉකුත් මැයි මස 09 වනදා ගාලු මුවදොර පැවැති “ගෝඨා ගෝ ගම” අරගල භූමියට කඩාවැදී පහරදීමේ සිද්ධිය තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනයවූ බව පවසමින් අරගලකරුවන් 05 දෙනෙක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් 05 ඉදිරිපත් කර තිබුණි.

    ඒ අනුව අදාළ පෙත්සම් සම්බන්ධයෙන් ජුනි මස 22 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, සනත් නිශාන්ත, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පති ඇතුළු පිරිසක් වෙත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇත.

    ලහිරු චානක ඇතුළු අරගලකරුවන් පස් දෙනෙකු විසින් මෙම පෙත්සම් ගොනුකර තිබුණි.

    ඒවා අද (09) විජිත් මළල්ගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකාබැලුනි.

    දීර්ඝ කරුණු අධ්‍යයනයකින් පසුව තීරණය ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල සඳහන් කළේ අදාළ පෙත්සම් විභාගයට ගැනීම සඳහා අවසර දෙන බවය.

    සාමකාමී අරගලවලට පහරදීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඒ සඳහා වූ මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබේ.

    මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා නම් කර තිබුණද ඒ මහතාට එරෙහිව නඩු විභාගයක් පවත්වාගෙන යෑමට අපේක්ෂා නොකරන බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේය.

    ඒ අනුව ශවේන්ද්‍ර සිල්වා මහතා නඩු කටයුතුවලින් මුදාහැරීමට ද නියම කෙරුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විදුලි ගාස්තුව – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    March 22, 2023

    මත්ද්‍රවය ජාවාරම්කරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

    March 22, 2023

    මැතිවරණය කල් යෑමෙන් පීඩාවට පත්වූ රාජ්‍ය සේවකයින්ට සහනයක් දෙන්න – මෛත්‍රී ගෙන් ජනපතිට ලිපියක්

    March 22, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023414 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023398 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    විදුලි ගාස්තුව – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    March 22, 2023076 Views

    විදුලි ගාස්තු වැඩිකිරීමට එරෙහිව ගොනුකළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ගත් තීරණය බලරහිත…

    මත්ද්‍රවය ජාවාරම්කරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

    March 22, 2023

    මැතිවරණය කල් යෑමෙන් පීඩාවට පත්වූ රාජ්‍ය සේවකයින්ට සහනයක් දෙන්න – මෛත්‍රී ගෙන් ජනපතිට ලිපියක්

    March 22, 2023

    වැඩි මිලට බිත්තර වික්කාට ලක්ෂ 9ක් දඩ

    March 22, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.