රුපියල් බිලියන 2ක අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගයක් කොළඹ වරායට ගෙනැවිත් තිබේ.
ඒ, චීනය විසින් ශ්‍රී ලාංකීය ජනතාව වෙත සිදුකළ පරිත්‍යාගයක් ලෙසය.
එම අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගය බහාලුම් 24 කින් (පෙට්ටි 16,000) සමන්විත වන අතර එහි සම්පූර්ණ බර මෙට්‍රික් ටොන් 255 ඉක්මවන බව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි.