ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරෙන මුදල් පිළිබඳ බලය වඩාත් හොඳින් ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව තුළ අයවැය කාර්යාලයක් පිහිටුවීමට මුලික කෙටුම්පතක් ඉදිරිපත් කර තිබේ.
එම කෙටුම්පත ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අතර එයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
මේ අතර එම කෙටුම්පත පාර්ලිමේන්තුවේ සියලූම පක්ෂ නායකයින් වෙත යොමුකර එහි සඳහන් කරුණු සම්බන්ධනේ අදහස් ලබාගැනීමට ද කැබිනට් හමුවේ දී තීරණය වී තිබේ.
ඒ අනුව අග්‍රාමාත්‍යවරයා විසින් පක්ෂ නායකයින් සමග අදාළ මුලික කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් කර ඇත.
එහිදී ඉදිරිපත් වූ අදහස් අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කර තිබේ.
එකී අදහස් ද සැලකිල්ලට ගෙන සකස් කර ඇති මුලික කෙටුම්පත මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙසට නීතිකෙටුම් පත් සම්පාදකට උපදෙස් ලබාදී ඇත.