එලඹෙන වසරේදී සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.
හෙතෙම පෙන්වා දෙන්නේ රට පුරා කුඹුරු අස්වැද්දීම ආරම්භ කර ඇති අතර එම අස්වැන්න එළඹෙන වසරට ප්‍රමාණවත් වන බවයි.
මීට අමතරව මෙරට පොහොර ගබඩා සියල්ල මේ වනවිට පිරී ඇති බවත් ඒ අනුව වරායට පැමිණෙන වැඩිම නැව් ප්‍රමාණය පොහොර නැව් වන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
මේ අතර ගතවූ නොවැම්බර් මස අවසන් වනවිට සියලු දිස්ත්‍රික්කවල කුඹුරු හෙක්ටෙයාර් 636,344කමහ කන්නය සදහා වී වගා කටයුතු ආරම්භ කර ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන පරිදි වපුරන ලද හෝ පැළ සිටුවන ලද මෙන්ම වී වගාව සඳහා මූලික බිම් සැකසීම පමණක් සිදු කර ඇති සමස්ත කුඹුරු බිම් ප්‍රමාණය මීට අයත් වේ.