අත්අඩංගුවට ගන්නා හෙරොයින් බොහෝ අවස්ථාවල “පාන් පිටි” බවට පත්වන බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (5) පැවසීය.
ඔහු පැවසුවේ එම මත්ද්‍රව්‍ය වෙළෙඳපොළට නැවතත් පැමිණ ජනතාව අතට පත්වන ප්‍රවණතාවයක් ඇති බවය.
පොලිස් මත්ද්‍රව්‍යනාශක අංශයේ නිලධාරින් බොහෝවිට මත්ද්‍රව්‍ය වැටලීම් කර සොයාගත් මත්ද්‍රව්‍ය නැවතත් ඔවුන් විසින්ම ජනතාව අතරට යවන තත්ත්වයක් ඇති බවය.
එවැනි වැරදි කළ නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ බවත් ඔහු පැවසීය.