වසර 20 කට පසු තමන් සහභාගි වූ හොඳම පාපන්දු ලෝක කුසලාන ගමනට තිත තැබීමට සෙනගාල පාපන්දු කණ්ඩායමට සිදුවිය.
ඒ් අවසන් 16 දෙනාගේ වටයේ තරගයෙන් එංගලන්තය හමුවේ ගෝල 3-0 ක් ලෙසින් පරාජයට පත්වීමත් සමගිනි.
මෙම තරගය අල්- බයිට් ක්‍රීඩාංගණයේදි පැවැත්විණි. තරගයේ පළමු අර්ධයේදීම එංගලන්තය වෙනුවෙන් ගෝල වාර්තා කිරීමට මැදපෙළ ක්‍රීඩක ජෝඩාන් හෙන්ඩර්සන් (38 වැනි මිනිත්තුවේදී) හා නායක හැරි කේන් (45 වැනි මිනිත්තුවේදී) සමත්වූහ.
ඒ අනුව පළමු අර්ධය නිමාවූයේ ගෝල 2-0 ක් ලෙස එංගලන්තය ඉදිරියෙන් සිටිමිනි. දෙවැනි අර්ධයේ 57 වැනි මිනිත්තුවේදී ඉදිරිපෙළ ක්‍රීඩක බුකායෝ සාකා තෙවැනි ගෝලයද එංගලන්තය වාර්තා කර දුන්නේය.
කෙසේ වෙතත් මෙවර තරගවාරයේදී විශිෂ්ඨ ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ සෙනගාලය 2002 වර්ෂයෙන් පසු තමන් ලෝක කුසලානයක පැමිණි උපරිම ගමන් මග පෙන්නුම් කිරීම විශේෂත්වයකි.
2002 වර්ෂයෙන් පසුව ඔවුන් ලෝක කුසලානයකට සුදුසුකම් ලැබුවේ 2018 වර්ෂයේදී වන අතර එහිදී ඔවුන් පළමු වටයෙන්ම ඉවත්වීමට සිදුවිය.
සෙනගාලය පසුගිය වර්ෂයේදී (2021) අප්‍රිකානු පාපන්දු කිරුලද දිනා ගැනීමට සමත්විය.
මේ අතර පසුගිය 2021 වර්ෂයේදී යුරෝපානු පාපන්දු අනුශූරයින් ලෙසින් කිරුළු පැළඳි එංගලන්තය පාපන්දු ලෝක කුසලානයක අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් 10 වැනි අවස්ථාව මෙය විය.