වරාය ලාභ ලබන ආයතනයක් බවට පත්ව ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පසුගිය වර්ෂයට සාපේක්ෂව මෙම වසරේ වරාය රුපියල් බිලියන 24 ක ලාභයක් උපයා ඇති බවය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මේ අතර ඉදිරියේදී තවත් මගී නෞකා 06ක් මෙරටට පැමිණීමට නියමිත බව ද එහිදී වැඩිදුරට අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය.