ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්රවල ආයෝජනය කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයිනට ආරාධනා කර තිබේ.
දෙරට අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා එම ආරාධනය සිදුකර ඇත.
එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ අධි තාක්ෂණික අංශයේ, කෘෂිකර්මාන්තයේ, ධීවර සහ සංචාරක ක්ෂේත්රය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ආයෝජන කිරීම සඳහා මාලදිවයිනට ආරාධනා කරන බවය.
එසේම මත්ද්‍රව්‍ය උවදුර පාලනයටත් එක්ව කටයුතු කළයුුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මාලදිවයිනේ උප ජනාධිපති ෆයිසාල් නසීම් මහතා අතර පැවැති හමුවේදී කරුණු සාකච්ඡා වී තිබේ.