මිනිස් පරිභෝජනය සඳහා සුදුසු සහල් සත්ත්ව ආහාර සඳහා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී එම සහල් තොගය සමග පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
පොලොන්නරුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වෙත ලැබුණ තොරතුරක් අනුව මින්නේරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ.
කුලියාපිටිය ප්‍ර දේශයේ සත්ත්ව ගොවිපොළක් වෙත මෙම සහල් ටොන් 21.2 ප්‍රවාහනය කරමින් තිබියදි අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 40ක් හා 29 වයස්හි පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.