සමාජ මාධ්‍ය අවභාවිත සිද්ධින් 12000 ක්මේ වසරේ මුල් මාස දහය ඇතුළත ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට වාර්තා වී ඇතිබව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කරයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (01) පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍යාංශයේ කාරක සභා අවස්ථාවේ අයවැය විවාදයට එක්වෙමිනි.
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ කාන්තාවන් සහ ළමුන් හිංසනයට පත්කරමින්, මෙලෙස සමාජ මාධ්‍ය අවභාවිත සිද්ධින් වාර්තා වී ඇතිබව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා ඩිජිටල් කරණය සමඟ මෙවැනි සිද්ධි පාලනය කර ගැනීම තොරතුරු තාක්ෂණ අංශයේ ගුරුවරුන් මෙන්ම දෙමාපියන් ගේද වගකීම බවද මෙහිදී පෙන්වා දුන්නේය.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය මගින් ආර්ථික සංවර්ධනය ළඟා කර ගැනීම සඳහා ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම දැන් ආරම්භ කර තිබෙනවා. උසස් පෙළ අසමත් වන සිසුන් තොරතුරු තාක්ෂණ අංශයේ අධ්‍යාපනය සඳහා යොමු කරවීම අප ගේ වගකීමක්.
එමෙන්ම ජාත්‍යන්තර සහ ජාතික වශයෙන් රැකියා වෙළඳ පොල ඉලක්ක කරගනිමින් තොරතුරු තාක්ෂණ විෂය,
පාසල් හා උසස් අධ්‍යාපන ආයතන වල විෂය නිර්දේශ වලට ඇතුළත් විය යුතුයි.
විශේෂයෙන් තරුණ තරුණියන් ඉලක්ක කරගනිමින් තොරතුරු තාක්ෂණ අංශයේ පුහුණු පාඨමාලා ව්‍යප්ත කිරීම කාලීන අවශ්‍යතාවයක්.
මෙහි මූලික පියවර ලෙස ලබන 06 වෙනිදා තරුණ සේවා සභාවේ බටන්ගල පුහුණු මධ්‍යස්ථානයේ දී තරුණ තරුණියන් 200ක් සඳහා තොරතුරු තාක්ෂණ පාඨමාලාවක් ඇතුළු කාර්මික ක්ෂේත්රයේ පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරිමට නියමිතයි.
මේ වන විට තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ රැකියා අවස්ථා 20000 ක් පමණ රට තුළ පවතින බවත්, එය කඩිනමින් සම්පූර්ණ කර ගැනීම තාක්ෂණ අමාත්‍යාංශයේ ප්‍රධාන අභිලාෂයක් බවද රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කළේය.