ලීසිං වාරිකය ගෙවීම ප්රමාදවීම හේතුවෙන් යතුරුපැදියක් රැගෙන යාමට පැමිණි සීසර්වරුන් විසින් තල්ලුකිරීමෙන් ඇදවැටුණු ප්රාදේශීය සභා මන්ත්රීවරියක් කළ පැමිණිල්ලක් අනුව වාද්දුව පොලීසිය පරීක්ෂණ ආරම්භකර තිබේ.
කළුතර ප්රාදේශීය සභාවේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීනී ලසන්ති හේමමාලා මහත්මිය විසින් කළ පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භකර ඇතැයි පොලිසිය කීය.
පැමිණිලිකාර මන්ත්රීවරිය ෆිනෑන්ස් සමාගමක් හරහා යතුරුපැදියක් ලබාගෙන ඇති අතර කොරෝනා කාලසීමාවේ වාරික කිහිපයක් ගෙවීම මගහැරී තිබී ඇත.
එම වාරික වෙනුවෙන් වැඩි පොලී මුදලක් එකතුකොට එම මුදල ගෙවන ලෙස ඇයට දැනුම් දී ඇතැයි සඳහන් වේ.
දඩ මුදල් එකතුකිරීම හේතුවෙන් හිඟ වාරික ගෙවීම පැමිණිලිකාර මන්ත්රීවරිය පැහැර හැර ඇති බැවින් ඊයේ (30) පස්වරුවේ සීසර්වරුන් හත් දෙනෙකු පැමිණ යතුරුපැදිය රැගෙන යාමට උත්සාහ කළවිට මන්ත්රීවරිය ඊට විරෝධය පළකිරීමේදී ඇය තල්ලුකර ඇති බවට පැමිණිල්ලේ සටහන්ව ඇති බව පොලීසිය පැවසීය.
ඇය මේ වනවිට රෝහල්ගත වී සිටින්නීය.