සමෘද්ධිය ලබාදිය යුතු විශාල පිරිසක් සිටිය ද නුසුදුසු පිරිසක් සමෘද්ධිය ලබාගැනීම හේතුවෙන් අද වනවිට සහනය ලැබිය යුතු පුද්ගලයින්ට සහන ලබාදීම ගැටලුවක් බව ජනාධිපතිවරයා පවසයි.
“නුසුදුසු අය ඉවත් කළොත් සුදුසු අයට දෙන්න පුළුවන්…” යනුවෙන් අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා කියා සිටියේය.
“සමහර අය අවුරුදු 20ක් විතර ඔය ලැයිස්තුවේ ඉන්නවා. ඒක කරන්න බැරිවෙනවා මෙහෙම. පළමුවෙන්ම සුදුසු අය කවුද ? අලුතින් කොහොමද ඇතුළු කරන්නේ, කියලා අපිට කරන්න සිදුවෙනවා. සමහරු බලයි ඒක දේශපාලන ක්රියාවක් විදියට. ඇත්තෙන්ම සමෘද්ධිය ලබාගත යුතු අයට ඉස්සෙල්ලා සමෘද්ධිය ලබාදෙන්න ඕනේ. සමෘද්ධියට සුදුසුකම් නැති අයව එතැනින් ඉවත් කරන්න ඕනේ. අපිට මුදල් නෑ හැමකෙනාටම ගෙවන්න. ඒ තත්ත්වය මම කියන්න ඕනේ. වැඩකටයුත්ත අමාරු වුණත් ඒක භාරගෙන තියෙනවා. මෙතැන තියෙන්නේ රටේ ආර්ථිකයයි සමාජයයි හදන්න. ගන්න සමහර තීරණ ජනප්රිය නොවෙන්න පුළුවන්. ඒත් පාර්ලිමේන්තුවට ශක්තිය තියෙන්න ඕනේ ඒ වැඩකටයුතු කරගෙන යන්න.”