ලොව විශාලතම සක්‍රීය ගිනි කන්ද වන හවායි හි මවුනා ලෝවා වසර 40 කට පමණ පසු පළමු වරට පුපුරා ගොස් තිබේ.
ගිනිකන්දේ එක් පැත්තකින් ලාවා ගලා බසින නමුත් හවායි ගිනිකඳු ජාතික වනෝද්‍යානයේ පුපුරා යාම ප්‍රජාවන්ට තර්ජනයක් නොවන බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.
“සියලු ඇඟවීම් වනුයේ පුපුරා යාම ඊසානදිග රිෆ්ට් කලාපයේ පවතිනු ඇති බවයි” යනුවෙන් ඒජන්සිය උපදෙස් දී ඇති අතර, ලාවා ගලා යාමට ඉඩ සලසන ගිනි කන්දක් බෙදී යන ප්‍රදේශයක් ගැන සඳහන් කරයි. “ගිනිකඳු වායුව සහ සිහින් අළු සහ ලාවා වීදුරු කෙඳි සුළඟට ගෙන යා හැක.” එහි වැඩිදුරටත් සඳහන් වේ.
“මවුනා ලෝවා හි ගිනිකඳු ක්‍රියාකාරකම් හේතුවෙන් හයිලෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හෝ කෙහෝල්හි එළිසන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගමන් කරන මගීන්, ඊට පෙර තම ගුවන් සමාගම් සමග කතාකර ගුවන් ගමන් නියමිත වේලාවට සිදුවන්නේද යන්න පිළිබඳ තහවුරු කරගන්නා ලෙස දන්වා තිබේ.