තියුණු ආයුධවලින් සිදු කළ පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
පොලීසිය පැවසුවේ අද (30) පෙරවරුවේ හික්කඩුව – වෑවල ප්රදේශයේ රෙදිපිළි අලෙවිසැළකට කඩාවැදුණු පුද්ගලයින් දෙදෙනෙකු මියගිය පුද්ගලයාට සහ ඔහුගේ බිරිඳට තියුණු ආයුධවලින් පහරදී ඇති බවය.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබන අතර අදාළ සිද්ධියෙන් මියගොස් ඇත්තේ 29 හැවිරිදි පුද්ගලයෙකි.
මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ ප්රහාරය එල්ලකර පළාගොස් තිබේ.