මත්ද්‍රව්‍ය පානය කරන රියදුරන් පරීක්ෂා කිරීම ලබන වසරේ මුල සිට ආරම්භ කරන බව ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
ඒ සඳහා අවශ්‍ය උපකරණ 5,000ක් මේ වන විට පොලීසිය වෙත ලබාදී ඇති බව ඔහු සඳහන් කළේය.
කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියේය.
“බස්නාහිර පළාත තුළ ලබන වසරේ මුල් භාගයේ දී වාහනවල ගමන් ගන්නා රියදුරන් කොකේන්, හෙරොයින් වැනි අනෙක් මත්ද්‍රව්‍ය භාවිත කරමින් ඉන්නවා නම්, ඒවත් පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කරනවා. ඒක කළ යුතුයි. අද විශේෂයෙන්ම අපි පිළිගත යුතුයි මත්ද්‍රව්‍ය පිළිබඳ දැවැන්ත අභියෝගයකට අපි මුහුණදීලා තියෙනවා. ඒක රියදුරන්ටත් බලපානවා. විශේෂයෙන්ම මම ඒ අංශ කියන්නේ නෑ. ඒ අංශවල අය අද යම් නැඹුරුවකට ලක්වෙලා තියෙනවා. එම නිසා නීතියෙන් එහෙම තත්ත්වයක් තිබුණත් වෛද්‍ය පරීක්ෂණ කරලා තමා පරීක්ෂා කළේ. නමුත් මේ කට්ටල දුන්නාහම මාර්ගයේ දීම ඔවුන්ව ක්ෂණික පරීක්ෂාවකට ලක්කරන්න පුළුවන් කමක් ලැබෙනවා. වසරකට 400ක් පමණ මියයනවා අනතුරුවලින් මත්ද්‍රව්‍ය හේතුවෙන්. අපි මේක අවම කර ගත යුතුයි.”