Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රාමසාන් උපවාසය සිකුරාදා සිට

    March 23, 2023

    ආර්ථික අර්බුදය ගැන විගණකාධිපති වාර්තාව ලැබෙයි

    March 23, 2023

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි

    March 23, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Sport»ලෝක කුසලාන තරග මැදට කඩාපාත් වූ ප්‍රේක්ෂකයාට අත්වූ ඉරණම
    Sport

    ලෝක කුසලාන තරග මැදට කඩාපාත් වූ ප්‍රේක්ෂකයාට අත්වූ ඉරණම

    By LFNNovember 30, 2022No Comments2 Mins Read94 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තරග අතරතුරද ප්‍රේක්ෂකයින් ක්‍රීඩා පිටියට කඩාවැදීමක් වාර්තා විය. තරගාවලියේ ‘ඒච්’ කාණ්ඩය යටතේ පැවති පෘතුගාලය හා උරුගුවේ අතර තරගය අතරතුරදී මෙලෙස අදාළ ප්‍රේක්ෂකයා ඒක්වරම ක්‍රීඩා පිටියට කඩා වැදිණි.

    සමලිංගික ආදරයට ගරුකිරිමේ සංකේතය වන දේදුණු වර්ණ සහිත කොඩියක් අතැතිව සිටි මෙම පුද්ගලයා හැඳ සිටි ටී- ෂර්ටයේ ඉදිරිපස ඉංග්‍රීසියෙන් ‘යුක්‍රේනය බේරාගන්න’ යනුවෙන්ද පසුපස පෙදෙසේ ‘ඉරාන කාන්තාවන්ට ගරු කරන්න’ යනුවෙන්ද සඳහන් කර තිබිණි. අදාළ පුද්ගලයා පසුපස ලුහුබැඳ ගොස් වහා අල්ලා ගැනීමට පිටියේ ආරක්ෂක නිළධාරීන් කටයුතු කලේය.

    අදාළ සිදුවීමෙන් දිනකට පසු එම පුද්ගලයා සමාජ මාධ්‍යය හරහා තමන්ට සිදුවූ සිදුවීම විස්තර කළ අතර තමන් සමාජ මාධ්‍ය හරහා බලපෑම් සිදුකරන්නෙකු (influencer) ලෙසින්ද පාපන්දු ක්‍රීඩකයෙකු ලෙසින්ද හඳුන්වා දෙනු ලැබීය.හෙතෙම තමන්ව වැඩිදුරටත් හඳුන්වාදී ඇත්තේ Robin Hood 2.0 යනුවෙනි.

    ඔහු මෙහිදී පවසා ඇත්තේ තමන්ට පණිඩිඩ ත්‍රිත්වයක් ලබාදීමට අවශ්‍ය වූ බවත්ය. එහිදී වර්ණවත් කොඩිය භාවිතා කලේ මෙම තරගාවලියේදී සමලිංගිකත්වය ඇතුළු මානව අයිතිවාසිකම් සීමා කිරිමට කටාර් බළධාරීන් ක්‍රියාකිරීමට ඒරෙහි වීමට බවයි.

    ඒමෙන්ම යුද්ධය හේතුවෙන් යුක්‍රේන මිනිසුන් විඳින දුක්පීඩා පිළිබඳ ලෝකය දැනුවත් කිරීමටත්, ඉරානයේ කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය පිළිබඳ ලෝකයේ අවධානය ලබාගැනීමටත් තමන් සිය ටී-ෂර්ටය මගින් කටයුතු කළ බවත්ය.

    ඉතාලි ජාතිකයෙකු වන මාරියෝ ෆෙරී නම් මෙම පුද්ගලයා සිය සමාජ මාධ්‍ය තුලින් පවසා ඇත්තේ තමන්ට ඒරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් බළධාරීන් විසින් නොගත් බවයි. කෙසේ වෙතත් අදාළ පුද්ගලයාව වහාම කටාර් රාජ්‍යයෙන් පිටමං කිරීමටත්, ඔහුට තරගාවලියේ ඉදිරි තරග නැරඹීම තහනම් කිරීමටත් ක්‍රියා කළ බව කටාර් බළධාරින් පවසා සිටියේය.

    35 හැවිරිදි මෙම පුද්ගලයා මීට පෙරද පාපන්දු තරග මැදට පැමිණී අවස්ථා වාර්තා වී තිබිණ. 2009 වර්ෂයේ ඉතාලිය හා නෙදර්ලන්තය අතර පැවති තරගයකට පැමිණි ඔහු අනතුරුව 2014 වර්ෂ‌යේ දකුණු අප්‍රිකාවේ තිබූ පාපන්දු ලෝක කුසලාන‌යේ බෙල්ජියම හා ඇමරිකාව අතර පැවති තරගය මැදටද කඩාපාත්වීම විශේෂත්වයකි.

    අන්තර්ජාතික මෙන්ම වැඩි ප්‍රේක්ෂක ආකර්ශණයක් දිනා ගන්නා තරග මධ්‍යයට ප්‍රේක්ෂකයින් කඩාවැදීම නිරතුරුවම දක්නට ලැබෙන අතර ඔවුන් බොහෝ විට විනෝදස්වාදය හෝ ජනප්‍රියතාව ඉහළ නංවාගැනීමට මෙම පියවර අනුගමනය කරනු ලබයි. ඇතැම් පුද්ගලයින් ලෝකයේ වර්තමාන ගැටළු වලට අවධානය යොමු කරලීමේ අරමුණින්ද මෙවැනි ක්‍රියාමාර්ග ගනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිමුත් කරුණාරත්න නායකත්වය ගැන තීරණයක් ගනී

    March 20, 2023

    නවසීලන්තයට ඉනිමක ජයක්

    March 20, 2023

    ශ්‍රී ලංකාවට දැඩි අභියෝගයක්

    March 19, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023414 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023398 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    රාමසාන් උපවාසය සිකුරාදා සිට

    March 23, 2023058 Views

    රාමසාන් උපවාස සමය මෙම මස 24 වන සිකුරාදා සිට ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය…

    ආර්ථික අර්බුදය ගැන විගණකාධිපති වාර්තාව ලැබෙයි

    March 23, 2023

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි

    March 23, 2023

    විදුලි ගාස්තුව – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    March 22, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.