විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කින් මහතාගේ ආරාධනය පරිදි ඇමෙරිකාව බලා අද (29දා) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.
ඔහු සමග එම අමාත්‍යාංශයේ තවත් උසස් නිලධාරීන් තිදෙනකු ද මෙම සංචාරය සදහා එක් වී තිබේ. ඔවුන් අද දින අලුයම 03.30 ට කටාර් රාජ්‍යයේ දෝහා ඔස්සේ ඇමෙරිකා එක්සත් ජනපදය වෙත පිටත්ව යාම සඳහා කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 663 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළේ සිට පිටත්ව ගොස් තිබුණි.
මෙම සංචාරය අතරතුර තුළදී මෙම නියෝජිත පිරිස සමන්තා පවර් මහත්මිය හමු වී සාකච්ඡා කිරීමටද නියමිතය .