ජනවාරි 23 උසස්පෙළ විභාගය පවත්වන බවත් දෙසැම්බර් 18 දා ශිෂ්‍යත්ව විභාගය පවත්වන බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“ජනවාරි මාසේ 23 වන විට උසස්පෙළ විභාගයට මූණ දෙන්න තියෙනවා. දෙසැම්බර් මාසේ 18 වැනිදා පහේ ශිෂ්‍යත්වය පවත්වනවා.
සාමාන්‍ය පෙළ විභාගය අප්‍රේල් මාසයේ මැද හෝ මැයි මුල පවත්වන්න සිදුවෙනවා. මොකද උසස්පෙළ විභාගය මාස 1 හමාරක් විතර කල් දාන්න සිදුවුණ නිසා.
2023 වසරතුළ සියලු විභාග පවත්වලා නියමිත කාලයේදී විභාග පවත්වන්නත් විෂය නිර්දේශ ආවරණය කරන්නත් බලාපොරොත්තු වෙනවා.”