විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා හා බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය අතර හමුවක් බංග්ලාදෙශ ඩකා හි අගමැති නිල නිවසේදී පැවැත්වීය.
ඊයේ පැවැති මෙම හමුවේදී අමාත්‍ය සබ්රි සහ අගමැති හසීනා දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව විදේශ කටුයුතු අමාත්‍යංශය පවසයි.
එසේම ගුවන් සහ මුහුදු සම්බන්ධතා භාවිතා කරමින් මිනිසුන්ගේ සම්බන්ධතා වැඩිදියුණු කිරීමේ ඉදිරි මාවත කෙරෙහි මෙහිදී අවධානය යොමු වූ බවත් කොළඹ වරාය හරහා බංගලාදේශ යාත්‍රා සඳහා වැඩි ආකර්ෂණයක් ලබා ගැනීම පිළිබඳවද සාකච්ඡා විය.
ශ්‍රී ලංකාවෙන් තවත් ආයෝජන බංග්ලාදේශය වෙත ලබා ගැනීමට අපේක්ෂා කරන බව බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළ අතර බංග්ලාදේශ සංචාරකයින්ට සහ ආයෝජකයින්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යවරයා ආරාධනා කළේය.