Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඡන්දය තියන්න ගැසට් එක මුද්‍රණයට යොමුකර නෑ

    January 29, 2023

    නිදහස් උත්සවයට මුදල් දෙනවනම් මැතිවරණයට දෙන්න

    January 29, 2023

    සුදු කතග‍ේ කෝටියක රන් සොරා ගෙන

    January 29, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Sport»ලෝක කුසලානය මධ්‍යයේ රොනාල්ඩෝ ගත් හදිසි තීරණය
    Sport

    ලෝක කුසලානය මධ්‍යයේ රොනාල්ඩෝ ගත් හදිසි තීරණය

    By 24x7November 23, 2022No Comments2 Mins Read103 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය වත්මන් ක්‍රීඩා සමාජය වන එංගලන්ත මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමෙන් වහාම ඉවත්වීමට තීරණය කර ඇත.

    මෙවර ලෝක කුසලානයට සහභාගි වී සිටින පෘතුගාල කණ්ඩායම කිසිදු තරගයකට සහභාගි වීමට පෙර මෙම තීරණය ප්‍රකාශයට පත්වීම ලෝක පාපන්දුව විමතියට පත්කිරිමට හේතුවී ඇත.

    මෙය රොනාල්ඩෝ හා මැන්චෙස්ටර් පාලනාධිකාරිය යන පාර්ශවයන් දෙකේම එකඟතාව මත සිදුවූවක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    කෙසේ වෙතත් පසුගිය සතියේදී රොනාල්ඩෝ විදෙස් රූපවාහිනී නාලිකාවක් සමගින් සම්මුඛ සාකච්ඡාවකට එක්වී මැන්චෙස්ටර් කණ්ඩායමේ වත්මන් පාලනාධිකාරිය හා එහි වත්මන් පුහුණූකරු දෝෂ දර්ශණයට ලක්කලේය.

    මෙලෙස රොනාල්ඩෝ හා මැන්චෙස්ටර් කණ්ඩායම අතර එකඟත්වය පළුඳුවීමට මෙය හේතුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    මෙහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ කණ්ඩායමේ පුද්ගලයින් විසින් ඔහුව ඉන් ඉවත්කිරීමට උත්සාහ කරන බව දන්වා ඇත.

    එමෙන්ම කණ්ඩායමේ හිටපු අතිදක්ෂ පුහුණුකරු වූ ශ්‍රීමත් ඇලෙක්ස් ෆර්ගසන් 2013 වර්ෂයේදී ඉන් ඉවත්වීමෙන් අනතුරුව කණ්ඩායමේ වර්ධනයක් නොපෙන්වූ බවටද ඔහු විසින් දක්වා ඇත.

    ඊට අමතරව සිය පෞද්ගලික ජීවිතයේ ගැටළු සම්බන්ධයෙන්ද ක්‍රීඩා සමාජය සංවේදනයක් නොදක්වන බව ඔහු මෙහිදී වැඩිදුරටත් දන්වා ඇත.

    මෙහිදී රොනාල්ඩෝ විසින් මැන්චෙස්ටර් කණ්ඩායමේ පුහුණුකරු නෙදර්ලන්ත ජාතික එරික් ටෙන් හාග්ද දැඩි විවේචනයට බඳුන් කරමින් පවසා ඇත්තේ තමන් ඔහුට ගෞරව නොකරන බවයි.

    ලොව වැඩිම වටිනාකමක් හිමි පාපන්දු ක්‍රීඩකයෙකු ලෙසින් සැලකෙන රොනාල්ඩෝ මුලින්ම 2003-2009 යන වර්ෂයන්හිදී මැන්චෙස්ටර් කණ්ඩායමට ක්‍රීඩා කලේය.

    පසුව ඔහු 2009 වර්ෂයේදී ස්පාඤ්ඤ රියල් මැඩ්රිඩ් කණ්ඩායමට එක්වූයේ බ්‍රිතාන්‍ය පවුම් මිලියන 80 (රු. කෝටි 3500ක) වාර්තාගත මුදලකටයි. එය පුරා වසර 4 ක් පාපන්දු ක්‍රීඩකයෙකුට ලොව හිමිවූ වැඩිම වටිනාකම ලෙසින් පෙරමුණේ පසුවිය.

    අනතුරුව රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ සාර්ථකම ඉදිරිපෙළ ක්‍රීඩකයා බවට පත්වූ රොනාල්ඩෝ 2018 වර්ෂයේදී ඉතාලියේ ජුවෙන්ටස් කණ්ඩායමට එක්වූයේ බ්‍රිතාන්‍ය පවුම් මිලියන 88 (රු. කෝටි 3850) ක මුදලකටයි.

    පසුව 2021 වර්ෂයේදී මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට නැවතත් එක්වූ රොනාල්ඩෝගේ සතියක වැටුප බ්‍රිතාන්‍ය පවුම් ලක්ෂ 5 (රු. කෝටි 21.8) ක් ඉක්මවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    කෙසේ වෙතත් ඔහු සිය කොන්ත්‍රාත්තුව ඉක්මවීමට තවත් මාස 7 ක කාළයක් ඉතිරිව තිබියදී මෙලෙස ක්‍රීඩා සමාජය හැරයාමේ තීරණය ගෙන ඇත. මේ හේතුවෙන් ක්‍රීඩා සමාජයට බ්‍රිතාන්‍ය පවුම් මිලියන 16 (රු. කෝටි 700) ක මුදලක් ඉතිරිවන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    මෙහිදී රොනාල්ඩෝ විසින් ක්‍රීඩා සමාජය සමගින් වන ගිවිසුමේ නීතිරීති කඩකොට ඇති බැවින් මැන්චෙස්ටර් කණ්ඩායම විසින් ඔහුට කිසිදු ගෙවීමක් සිදුනොකරන බවද වාර්තා වේ.

    මේ සමගින් ඔහු ලෝක කුසලානයේ අවසානය සමගින් නිදහස් ක්‍රීඩකයෙකු ලෙස අළුත් කණ්ඩායමකට එක්වීමේ අවස්ථාව හිමිවේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    24x7
    • Website

    Related Posts

    වසරේ කණ්ඩායම් වල නායකත්වයන් ස්ටෝක්ස්, බාබර් හා බට්ලර්ට

    January 26, 2023

    වනිඳු හා ඉනෝකා අයි.සී.සී. විස්සයි20 කණ්ඩායම්වලට නම්වෙයි

    January 24, 2023

    කෝලි ඉදිරියට

    January 19, 2023
    Top Posts

    හරි අතට වැට ගහමු

    January 25, 2023380 Views

    වෙඩි වැදී රෝහල්ගත කළ දරුවා මරුට

    November 17, 2022339 Views

    ධනුෂ්ක ට ඇප

    November 17, 2022315 Views
    Don't Miss

    ඡන්දය තියන්න ගැසට් එක මුද්‍රණයට යොමුකර නෑ

    January 29, 20230182 Views

    පළාත් පාලන මැතිවරණය ක්‍රියාවලිය ආරම්භ කිරිම සඳහා අවශ්‍ය ගැසට් නිවේදය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති හා…

    නිදහස් උත්සවයට මුදල් දෙනවනම් මැතිවරණයට දෙන්න

    January 29, 2023

    සුදු කතග‍ේ කෝටියක රන් සොරා ගෙන

    January 29, 2023

    මහරගම නගරාධිපති වාහනයේ රෝද කපලා

    January 29, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.