කුමන ආර්ථික තත්ත්වයක් යටතේ වුවත් රාජ්ය සම්පත් විකිණීම තම ප්රතිපත්තිය නොවන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අයවැය විවාදයට එක්වෙමින් ඔහු මේ බව අද (22දා) පැවැසීය.
“රාජ්ය ආයතන කිහිපයක් ප්රතිව්යුහ ගත කිරිම ගැන මෙවර අයවැයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අතර ලාභ ලබන රාජ්ය ආයතනත් තිබෙනවා. ඒ නිසා පාඩු ලබන රාජ්ය ආයතන ලාභ ලබන ආයතන බවට පත්කිරිම තමයි මුලින් කළ යුතු වන්නේ.
කුමන ආර්ථික තත්ත්වයන් යටතේ වුවත් අපේ රටේ රාජ්ය සම්පත් විකුණන අපේ ප්රතිපත්තිය නොවන බව මම අදත් සිහිපත් කරන්න කැමතියි”