සමගි ජන බලවේගය ප්රමුඛ සමගි ජන සන්ධානය 2023 අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට සිය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ‘අද’ පුවත්පතට පැවසීය.
සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21දා) රැස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
රටේ ජනතාවගේ මූලික ප්‍රශ්න සඳහා විසඳුම් ලබානොදීම, බදු වැඩි කිරීම හරහා විශාල පීඩාවකට ජනතාව පත් කිරීම, අයවැය ලේඛනයේ සඳහන් බොහෝමයක් කරුණු යථාර්ථවාදී නොවීම යන කාරණා මුල්කර ගනිමින් මෙම තීරණයට එළැඹි බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.