Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විදුලි ගාස්තුව – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    March 22, 2023

    මත්ද්‍රවය ජාවාරම්කරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

    March 22, 2023

    මැතිවරණය කල් යෑමෙන් පීඩාවට පත්වූ රාජ්‍ය සේවකයින්ට සහනයක් දෙන්න – මෛත්‍රී ගෙන් ජනපතිට ලිපියක්

    March 22, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Sport»ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
    Sport

    ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

    By 24x7November 22, 2022No Comments1 Min Read134 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ එක් දින ක්‍රිකට් තරගාවලියකට සහභාගී වීම සදහා අද (22දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

    ක්‍රීඩකයන් සහ නිලධාරීන් 28 දෙනෙකුගෙන් සමන්විත ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පිළ කණ්ඩායම් දෙකක් වශයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය.

    මෙයින් පළමු කණ්ඩායම වශයෙන් 14 දෙනෙකු 11/22 උදෑසන 08.30 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

    අනෙක් 14 දෙනෙකුගෙන් යුතු ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම 11/22 දින උදෑසන 10.40 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 1025 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

    මෙම ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී එළඹෙන 25 , 27 සහ 30 යන දින වල පවත්වනු ලබන එක් දින සීමිත ඕවර 50 තරග 03 කට සහභාගී වීමට නියමිතය.

    එහෙයින් මෙම ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව , එතැන් සිට කෙලින්ම මහනුවර බලා පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකවරයෙකු පැවසීය.

    මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි අතර ගුවන් තොටුපළ සිට දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ ඔවුන් කැදවා ගෙන යනු ලැබීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    24x7
    • Website

    Related Posts

    දිමුත් කරුණාරත්න නායකත්වය ගැන තීරණයක් ගනී

    March 20, 2023

    නවසීලන්තයට ඉනිමක ජයක්

    March 20, 2023

    ශ්‍රී ලංකාවට දැඩි අභියෝගයක්

    March 19, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023414 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023398 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    විදුලි ගාස්තුව – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    March 22, 2023076 Views

    විදුලි ගාස්තු වැඩිකිරීමට එරෙහිව ගොනුකළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ගත් තීරණය බලරහිත…

    මත්ද්‍රවය ජාවාරම්කරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

    March 22, 2023

    මැතිවරණය කල් යෑමෙන් පීඩාවට පත්වූ රාජ්‍ය සේවකයින්ට සහනයක් දෙන්න – මෛත්‍රී ගෙන් ජනපතිට ලිපියක්

    March 22, 2023

    වැඩි මිලට බිත්තර වික්කාට ලක්ෂ 9ක් දඩ

    March 22, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.