කොළඹ නෙලුම් කුලුනේ එක මහලක් සිංගප්පූරු සමාගමක් වෙත කුලියට දීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි. මේ අනුව එහි පාදමේ දෙවැනි මහල කැසිනෝ, ජල ක්‍රීඩා ඇතුළු විනෝදාස්වාද ප්‍ර දේශයක් වෙනුවෙන් කුලියට ලබාදීමට නියමිතය.
ඒ හරහා නෙලුම් කුලුන පුද්ගලික සමාගම වෙත වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 1.4ක මුදලක් කුලිය ලෙස ලැබීමට නියමිතය.
සිංගප්පූරුවේ Kreate Design Pte සමාගම වෙත මේ අනුව වර්ග අඩි 44,000 කින් සමන්විත වපසරියක ඉඩමක් හිමිවන බව නෙලුම්ක කුලුන පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්යක්ෂ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ප්‍රසාද් සමරසිංහ මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා තිබේ.
ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා වන සංවර්ධන කටයුතු මාස 6කින් අවසන් කිරිමට සමාගම බලාපොරොත්තු වන අතර ලබන වසරේ අප්‍රේල් මාසයේදී මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය.
සිංගප්පූරු සමාගම වසර 10ක ගිවිසුමක් අත්සන් කර ඇති අතර සෑම වසර දෙකකට වරක් කුලී ගාස්තුව සියයට 10කින් වැඩි කිරිමට නිමිතය.