ජී 20 රාජ්ය නායක සමුළුව අද (15) ඉන්දුනීසීයාවේ බාලි දූපත්හි ආරම්භ වේ.
සමුළුවට සමගාමීව ඊයේ (14) අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර විශේෂ හමුවක් සිදු විය.
එහිදී දෙපාර්ශවය අතර තායිවානය ගැටලුව ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.
එක් චීනයක් ප්රතිපත්තිය තවදුරටත් පිළිගන්නා අතර චීනය සමග නව සීතල යුද්ධයක් ආරම්භ නොකරන බව ද අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී ප්රකාශ කර ඇති බව වාර්තා වේ.