Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඡන්දය තියන්න ගැසට් එක මුද්‍රණයට යොමුකර නෑ

    January 29, 2023

    නිදහස් උත්සවයට මුදල් දෙනවනම් මැතිවරණයට දෙන්න

    January 29, 2023

    සුදු කතග‍ේ කෝටියක රන් සොරා ගෙන

    January 29, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Business»මවුන්ට් ලෝටස් රෝහලෙන් ලෝක ළමා හා වැඩිහිටි දිනයේදී සෞඛ්‍ය කඳවුරක්
    Business

    මවුන්ට් ලෝටස් රෝහලෙන් ලෝක ළමා හා වැඩිහිටි දිනයේදී සෞඛ්‍ය කඳවුරක්

    By LFNNovember 15, 2022No Comments2 Mins Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ රෝහලක් වන මවුන්ට් ලෝටස් රෝහල, ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනයට සමගාමීව සංවිධානය කරන ලද සෞඛ්‍ය කඳවුර පසුගියදා ගල්කිස්ස රෝහල් පරිශ්‍රයේ දී සාර්ථකව නිමාවට පත්විය.

    මවුන්ට් ලෝටස් රෝහලේ පළපුරුදු සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලය විසින් නොමිලේ පවත්වන ලද මෙම සෞඛ්‍ය කඳවුරේ දී ළමයින් සහ වැඩිහිටියන් 500 කට අධික පිරිසකගේ අක්ෂි සහ ශ්‍රවණ පරීක්ෂාව සිදු කරන ලදී. මූලික අක්ෂි සහ ශ්‍රවණ පරීක්ෂණවලට අමතරව, වැඩිහිටියන්ගේ රුධිරයේ සීනි, රුධිර පීඩනය සහ ශරීර ස්කන්ධ දර්ශකය (BMI) ද පරීක්ෂා කරන ලද අතර පසුව සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගත කරන්නේ කෙසේද යන්න පිළිබඳව වෛද්‍ය උපදෙස්ද ලබා දුන්නේය. මූලික අක්ෂි පරීක්ෂණයට ලක් වූ ළමයින් අතරින් වැඩිදුර අක්ෂි පරීක්ෂණ අවශ්‍ය වූ ළමයින් පනස් දෙනකු සඳහා මවුන්ට් ලෝටස් රෝහලේ විශේෂඥ අක්ෂි වෛද්‍යවරුන්ගෙන් නොමිලේ අක්ෂි උපදේශන ලබා ගැනීමට අවස්ථාව හිමි වුණි. එදින රෝගීන්ට ඇස් කණ්ණාඩි සහ ශ්‍රවණ උපකරණ සඳහා විශේෂ වට්ටම් ද ලබා ගත හැකි විය.

    මවුන්ට් ලෝටස් රෝහලේ සාමාන්‍යාධිකාරී වෛද්‍ය සමන් පී. බස්නායක මහතා ප්‍රකාශ කළේ, “පසුගිය වසරේ රෝහල නිල වශයෙන් විවෘත කළ දා සිටම රෝගීන්ට ගුණාත්මක අක්ෂි සහ ශ්‍රවණ ප්‍රතිකාර ලබාදීමට උත්සාහ කළ බවයි. ලෝක ළමා හා වැඩිහිටි දිනය වෙනුවන් සංවිධානය කළ මෙම සෞඛ්‍ය කඳවුර සඳහා සිය ගණනක් කුඩා දරුවන් සහ වැඩිහිටියන් පැමිණීම ගැන අපි සතුටු වන බවත් මෙම සෞඛ්‍ය කඳවුර සාර්ථකව පැවැත්වීමට සහාය දැක් වූ කාර්ය මණ්ඩලයට ස්තූතිය පුද කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

    අංක 102, ගාලු පාර, ගල්කිස්ස, පිහිටා ඇති මවුන්ට් ලෝටස් රෝහල, දේශීය සහ විදේශීය රෝගීන් සඳහා ජාත්‍යන්තර මට්ටමේ අක්ෂි සහ උගුර, කන, නාසය ආශ්‍රිත වෛද්‍ය විසඳුම් ලබාදීම සඳහා කැප වූ විශේෂිත රෝහලකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මහ බැංකු පොලී අනුපාත මෙවරත් වෙනස් නොකරයි

    January 25, 2023

    බොරතෙල් මිල නගී

    January 23, 2023

    ආර්ථිකය ගැන මහ බැංකු අධිපතිගෙන් තක්සේරුවක්

    January 18, 2023
    Top Posts

    හරි අතට වැට ගහමු

    January 25, 2023380 Views

    වෙඩි වැදී රෝහල්ගත කළ දරුවා මරුට

    November 17, 2022339 Views

    ධනුෂ්ක ට ඇප

    November 17, 2022315 Views
    Don't Miss

    ඡන්දය තියන්න ගැසට් එක මුද්‍රණයට යොමුකර නෑ

    January 29, 20230182 Views

    පළාත් පාලන මැතිවරණය ක්‍රියාවලිය ආරම්භ කිරිම සඳහා අවශ්‍ය ගැසට් නිවේදය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති හා…

    නිදහස් උත්සවයට මුදල් දෙනවනම් මැතිවරණයට දෙන්න

    January 29, 2023

    සුදු කතග‍ේ කෝටියක රන් සොරා ගෙන

    January 29, 2023

    මහරගම නගරාධිපති වාහනයේ රෝද කපලා

    January 29, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.